Sunday, February 28, 2016

ගැහැනු අය හැමතිස්සෙම අඩන්නේ... ඇයි???

ඇයි ගැහැනු හැමතිස්සෙම අඬන්නේ ? 



"ඇයි අම්මා අඬන්නේ ?" 
කුඩා දරුවෙක් අම්මාගෙන් ඇහුවා.

"මම ගැහැනියෙක් හන්දා !!!" අම්මා උත්තර දුන්නා.

"මට තේරුනේ නෑ අම්මේ"

"ඔයාට කවදාවත් තේරෙන එකක් නැතිවෙයි පුතේ." අම්මා තම දරුවා තුරුල් කරගෙනම කිව්වා.

"ඇයි තාත්තේ අම්මා හේතුවක් නැතුව හැමතිස්සෙම අඬන්නේ ?" ඒ කුඩා දරුවා තම පියාගෙන් මේ ගැන විමසුවා.

"ඕන ගෑනු කෙනෙක් හේතුවක් නැතුව අඬනවා." එපමණයි පියාට කිව හැක්කේ. ඒ දරුවා කාලයත් එක්ක වැඩෙද්දිත් මේ ප්‍රශ්නය එහෙම්ම ම තිබුනා.

අන්තිමේදි ඔහු මේ ගැන දෙවියන්ගෙන් අහනවා. 

ඒ දුරකතන ඇමතුම මෙසේ ය.....

දරුවා :
"ඇයි දෙයියනේ ගෑනුන්ට ලේසියෙන්ම අඬන්න පුලුවන් ??"

දෙවියෝ :

"මම ගැහැනියව මැවුවේ යම්කිසි විශේෂත්වයක් තියෙන විදිහට"

"මේ ලෝකයේ සියළු බර දරන්න පුලුවන් වෙන විදිහට මම් ඇගේ උරහිස් ශක්තිමත් කලා. එහෙත් ඒ උරහිස්ම සුවපහසුවක් හදන්න පුලුවන් වෙන විදිහට මෘදු කලා"

"දරුවෙක්ගේ උපතක් දරාගන්න පුලුවන් වෙන විදිහටත්, ඒ දරුවා තම මව ප්‍රතික්ෂේප කිරීම් දරා ගැනීමට හැකිවෙන ලෙසත් මම ඈව ශක්තිමත් කලා."

"තමාව අතහැර යන අයගෙන් ඈත් වීමට හැකිවන රළු බවත්, තම පවුලේ අයගේ ලෙඩක් දුකකදී ඔවුන්ව රැකබලා ගැනීමේ හැකියාවත් මම් ඇයට දුනිමි."

" ඕනම බලපෑමක් හමුවේ තම දරුවන්ට ආදරය කිරීමේ හැකි සංවේදි බව මා ඈට ලබා දුනිමි. එපමණක් නොව තම දරුවන් තමාට දරුණු වේදනා ලබා දුන් විටත් ඒ ආදරය එලෙසින්ම කිරීමේ හැකියාවත් මම 
ඇයට ලබා දුනිමි."

"හොද සැමියෙක් කවදාවත් තම බිරිඳව රිදවන්නේ නැතිබව තේරුම් ගැනීමේ බුද්ධියත්, ඕනම පරික්ෂාවක් හමුවේ තම සැමියාව ධෛර්යමත් කිරීමේ හැකියාවත් මම ඇයට ලබා දුනිමි."

" අවසාන වශයෙන් මම් ඇයට අවශ්‍ය වෙලාවක පාවිච්චි කිරීමට කඳුළුත් ලබා දුනිමි !!!!"


ගැහැනියකගේ සුන්දරත්වය තියෙන්නේ ඈ අඳින ඇඳුමේ වත්, ඇගේ ශරීර හැඩයේවත්, ඇය කොණ්ඩේ පීරන විදිහේවත් නොවේ...

ගැහැනියකගේ සුන්දරත්වය ඇත්තේ ඇගේ දෑස් තුලයි. මක්නිසාදයත් ඇස් යනූ හදවතේ දොරටුව වන බැවිනි. තවද හදවත යනු ආදර
ය ලැඟුම්ගෙන ඇති තැන වන නිසාම ය.......


අම්මට කියන්න එපා.............



මේක ඉස්සෙල්ලා ලියපු පෝස්ට් එකේ දෙවනි කොටස බව කරුනාවෙන් සලකන්න.
කියවපු නැති අය ඒ කොටස කියෝලම එන්න එහෙනම්....

ලොකු අම්මාලගේ පුතායි මායි අපේ මල්ලියි දවසක් නාන්න යන්න සෙට් උනා. අපි හැමදාම වගේ ගෙදරින් නෙමේ නාන්නේ... අපේ ගෙවල් කිට්ටුව ගින් ගග තියෙනවා.. ඕකෙන් තමයි නාන්නේ.. ගගේ නානකොට පට්ට සැපක් තියෙන්නේ.. ඒ ගෙන ඉතින් කියන්න ඕන නැහැනේ...

ලොකු තාත්තලගේ ගෙදර ලගම ගග තියෙනවා. එතනින් අපි තුන්දෙනා දවස් ගානක් නෑවා. ලොකු තාත්තගේ පුතාට එතන හොද මටයි මලයටයිනම් එතන මෙලෝ රහකට ඇති තැනක් නෙමේ.. ගල් ගොඩ වතුරත් එච්චර නෑ... ඒත් කමක් නෑ ගගේ උඩ හරිය බිලිගන්න තැන... හප්පේ බයේ බෑ දහතුනක්ද කොහොද මැරිලා තියෙනවා. යට ගිහිල්ලත් වැඩි වෙලාවක් ඉන්නේ නෑ ඉක්මනටම උඩ එනවා. අම්මට සිරි වෙන්නම හොල්මනක් එහෙම ඇවිල්ලා කකුලෙන් එහෙම ඇද්දොත් කම්මුතුයිනේ..


අර යකා පඩත්තලයා වගේ හැමදෙයක්ම අපිට විස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා. අපි දෙන්නා කට ඇරගෙන බලාගෙන ඉන්නවා හරියට ටී එන් එල් එකේ මැච් එක පෙන්නනවා වගේ.{එක්කෝ සිරසේ ටීවී වන් එකට දියන්කෝ} 

මිනිහාව අමාරුවෙන් කැමති කරගත්තා අපේ තොටුපලේ නාන්න යන්න. හෙට මගේ වාරේ හෙහ්.

ඔන්න ඉලග දවසේ අපි තුන්දෙනා නාන ගියා අපේ තොටුපලට.. මම ගිහිපු ගමන් ගගට පැන්නා. දන්නවනේ කවුරු හරි අපේ පොට් එකට ආපුහම තියෙන සතුට ඒක ඉතින් වචන වලින් කියන්න පුලුවන්යැ. අපේ මලයටත් ඒ වගේ ඌත් වතුරට පැන්නා බල්ටියකුත් ගහලා.......


ඒත් මූ වතුරට බැස්සේ නෑ.... 

මොකෝ බන් උබ නාන්නේ නැද්ද'
'මෙතන ජැඹුරුයිද'
'නෑ බන් එච්චර ජැඹුරක් නෑ.... මොකෝ උබට පීනන්න බැරිද?'
'පිස්සුද බන් කියලා  මූත් වතුරට බැස්සා'

මිනිහා එගොඩ ගොඩට පීනන්න ගත්තා.. කකුල් දෙක විතරයි පේන්නේ.... ඔලුව යට මූ පීනන්නේ මෙහෙමද නැත්නම් ගිලෙනවද?
මල කෙලියයි මගේ ඇගත් ගැහෙනවා. 
මු එක  පාරක් උඩ ඇවිල්ලා යට ගියා. මිනිහාව ගන්න ගිහිල්ලා මාත් ගියොත්... නොගෙනත් බෑ මාත් එක්ක ආපු කෙනානේ...... පැනපු ගමන්  අතින් අල්ලන් ගොඩට ගත්තා. මිනිහට වතුර හොදට පෙවිලා.
උඩට ගත්තා ගමන් මූ කැහැ කැහැ අනේ අපේ අම්මටනම් කියන්න එපා කියලා.. 

මට ඉතින් හිනා යන්න තියෙන හැම තැනකින්ම හිනා.......


ප.ලි.
උඩ කතාව උපටා ගත්තු එකක් බව කරුනාවෙන් සලකන්න......
අරුන්ගේ තොටුපල ලග සිදුවෙච්චි සිදූවීම් ටික මගේ හොල්මන් බ්ලොග් එකෙන් දාන්නම්..
කතාව ලස්සනට ගොතා ගන්න බැරි උනා. 



Friday, February 19, 2016

අපේ පැත්තේ සිදු වුනු කතා පෙලක්. මෙව්වා ගජ්බින්න නෙමෙයි...


කනත්තේවත්තේ මුත්තා..

මේ ලියන්න හදන්නේ අපේ පැත්තේ ගොවියෙකුට වෙච්චි කතාවක්. මෙක ලියන්න අදහස ආවේ නමුනුකුලින් එහා ලියන භාගියගේ කුඹුරු වැඩ දැකලා. කනත්තේ වත්තේ මුත්තා පට්ට පඩත්තලයි. හැබැ‍යි මිනිහව ආශය කරන්න වරම් මට නැති වුනා. කනත්තේ වත්තේ ගෙදරෙයි කිව්වම අපේ පැත්තේ ගරු නම්බු දීලා කතා කරන තැනක් දැන් එහෙම නැතිවුනාට......

කනත්තේ ගෙදරට කුඹුරු එහෙම තිබුනා. මේ සිද්දිය උනේ එහේ ගොයම් කපන දවසක. ඒ කාලේ ගොයම් කපනකොට මාරයි. අපේ ආත්තම්මලා එහෙම ගොයම් කවි කියනවා. ගොයම් කපන තැනක හිටියොත් සන්ගීතයකට ගියා වගේ තමයි. කොච්චර සල්ලි තිබුනත් කනත්තේ වත්තේ සීයත් ඇවිත් හිටියා. අමුඩයක් එහෙම ඇදලා. දැන් වෙලාව දෙකටත් කිට්ටුයි තාම කන්න කතා කලේ නෑනේ... ගොයම් කපන ගෑනු උදවිය දොඩමලු වෙන්න පටන් ගත්තා.. දන්නවනේ ගෑනු අයගේ කටවල්, ඕක ඇහිලාද කොහෙද කනත්තේ ගෙදර සීයා ගියා ඇලට මූන අත පය හෝදගන්න. මිනිහගෙනේ කුඹුර....


කනත්තේ වත්තේ සීයා මූන අතපය එහෙම හෝදගෙන ලේන්සුවෙන් මූන පිහිදදා එනගමන්  'යන් දුවේ කන්න' සීයා දිහා බලපු ගෑනු කට්ටිය මල මොරේ තියාගෙන දිව්වලු.....
සීයා කාරයා දැන් තුශ්නිම්බූත වෙලා බලාගෙන ඉන්නවලු...........
ලේන්සුවට ඇගේ තියෙන වතුර ටික උනාගත්ත නිසා. සීයා වතුර ටික වීසික් වෙන්න හයියෙන් ගැසුවා.....සීයාට ඒ වෙලාවේ 'අම්මට සිරි කියවුනාලු....' 

සීයා මෙච්චර වෙලා ඇග පිහිදදා ඇවිත් ගසලා තියෙන්නේ අමුඩ ලේන්සුව. හවස් යාමෙට එන්න ඇළේ වතුරත් සීතල වෙලාව... ඉතින් ගැහැනු උදවිය බය වුනු එක අහන්නත් දෙයක්ද..... සීයා ගෙදර ගියා ගියාමලු පස්සෙන්දා වෙනකම් එලියට බැස්සේ නැතිලූ.....


පරිප්පු

මේකත් ගොයම් කතාවක්. ඉස්සර පරිප්පු කන්න හරිම ආසයිලූ...ඒ කාලේ පරිප්පුත් හිග කාලේ. හැබැ‍යි මචෝ මේ කතාවේ ඉන්න එකෙක්වත් මම දෑහින් දැකලා නෑ.. මේක අපේ අම්මලයි ගමේ සිද්ද වෙච්චි දෙයක්...

පුන්චා අප්පුලගේ ගෙදර ගොයම් කපන දවස හැමෝම කැමතියි පුන්චාලයි දිහා ගොයම් කපන්න යන්න. මොකද පුන්චාගේ මායියා උයන්න හරි දක්ශයි. පරිප්පු කරියනම් ටොපේ ටොප්... පුන්චාත් ලෝභ නෑ එන ඕන කෙනෙකුට බඩ පැලෙන්න උනත් කන්න දෙන හිත හොද එකා.....


හැබැ‍යි පුන්චලා ගොයන් කපන්න යන එහුන්ට පොඩි පරහක් තිබුනා. කෑම කන්න වෙලාව යන්නේ නැති එක. වෙන තැනක වැඩ කරනවට වැඩිය මෙහේ වැඩ කරන එක ගොඩාක් අමාරුයි. කොහොමින් කොහොම හරි ඔන්න කෑම ටයිම් එක ලන් වුනා. හැමෝම රෙඩි වෙලා හිටියා කෑම ටික කන්න අවුරුද්දට එක සැරයයිනේ මේ වගේ කෑම වේලක් ලැබෙන්නේ...

මායියෝ ටික දැන් කෑම බෙදාගෙන එනවා. හැමෝම අනිත් එලවලු හැම දෙයක්මත් ගත්තත් එකෙක්වත් පරිප්පු ගත්තේ නෑ....
මේ පරිප්පු ගන්න කියලා කිව්වත් හැමෝම පිගාන මෙහාට ගන්නවා.
පුන්චාගේ මායියා..'මේ පඩික්කම මීට කලින් පාවිච්චි කරලා නෑ අදමයි මේ පැකින් කඩලා එලියට ගත්තේ..'





පින්තූරය ගත්තේ අන්තර්ජාලයෙන්..

Monday, February 15, 2016

කපුවා මන්... නොවේ.... අම්මට කියන්න එපා.......



මේක මට් වෙච්චි ඇත්තම සිදුවීමක් 10 වසරෙදී... අපේ ගෙවල් පත්තේ මිස් කෙනෙක් සා/පෙල සදහා පන්ති කලා.ඒ පන්තියට මන් සහභාගි උනේ නෑ... මාත් යන්න කැමෙත්තෙන් හිටියේ.... ඒත් මොනව කරන්නද ඒ කාලේ අපේ ගෙදර ආර්තිකය අතින් දුර්වලව හිටියේ. යන්න ඕන කමක් තිබ්බනම් අපේ අම්මට කියලා යන්න පුලුවන් උනත් අම්මා දුක් මහන්සියෙන් උපයන සොච්චමෙන් ඕකටත් දීලා ගෙදර වියදමට ඉතිරි වෙන්නේ කීයද.... 

කතාවේන් පිටයන්න නේද හදන්නේ... මන් පන්ති නොගියට එහේ වෙන සියලුම දේවල් ආරන්චි වෙනවා. පිටින් එන එවුන් ටිකගේ මූනු ටික විතරයි දැකලා නැත්තේ... හැබැයි කෙල්ලන්ගේ මූනු ටිකනම් හිතින් මවා ගන්ට මට අමාරු උනේ  නෑ.... මොකද  කෙල්ලන්ගේ මූනු වලට අලුතින් එන කුරුලෑව පවා උන්ගේ තීක්ශන ඇසෙන් වහන් කරන්ට බෑ.... හැබැයි පන්ති යන එවුන්ට වඩා මට විද්යාව පුලුවන්. 

ළගකදී ඉදන් අපේ ලොකු තාත්තාගේ පුතාත් මේ පන්තියට යන්න පටන් ගත්තා. මිනිහයි තව කෙල්ලෙකුයි විතරයි අපේ පැත්තට එන්නේ... ඌ පන්තිය ඉවර උනු ගමන් ගෙදර.. අපේ එවුන්ගේ අපත වැඩවලට මිනිහා සම්බන්ද නෑ..... 


දවසක් පන්තිය එවර වෙච්චි ගමන්. ලොකු තාත්තාගේ පුතා එන්න පිටත් වෙලා.. 'නාමාල් පොඩ්ඩක් ඉන්න'
මිස් මිනිහට කතා කරලා....
'ඇයි ඔච්චර හදිස්සි...මේ ළමයත් ඔයාලගේ පැත්තෙන්නේ යන්නේ.....'

ඔව් මෙයාවත් එක්ක පලයල්ලා... උබව අල්ලන් කන එකක්යැ...අපේ සෙට් එකත් මූට පල් නෝන්ඩිය දාලා.. මිස් ඉස්සරා අරූට මොකුත් කියන්නත් බෑනේ..ඒ හින්දා මිනිහා අර කෙල්ලත් එක්ක අරුන්ට පේන් නැති වෙනකන් ඇවිල්ලා. ඉතුරු ටික කෙල්ලව දාලා ඇවිල්ලා....

මට ඕක ආරන්චි උනේ ඊට පස්සෙන්දා..ලොකු තාත්තගේ පුතා යන්නේ ජාතික පාසලට අපි යන්නේ මහා විද්යාලයට. ඒක හින්දා මූට මේක ප්‍රශ්නයක් උනේ නෑ.. පස්සේ සතියේ මිනිහා පන්ති ගියාට පස්සේ අර කෙල්ලගේ නම කියලා මූට අරුන් ටික චාටර් කරලා. ඊට පස්සේ සතියේ ඉදළා මූ පන්ති යෑමත් නතර කලා... මිනිහා පන්ති යන්නේ නැත්තේ චාටර් කන්න වෙන නිසා. මන් පන්ති යන්නේ නැත්තේ සල්ලි නැති නිසා...... අපරාදේ මූගේ පීස් එක මට දුන්නනම් මම පන්ති යනවනේ...


ගගේ නාන එක අපේ පුරුද්දක් වෙලා තිබුනා.. හැමදාම මායි අපේ මලයයි ජාතික පාසලේ තව කොල්ලෙකුයි නාන්න යනවා. ඒ කොල්ලා මගෙන් නාමල් ගෙන ඇහැව්වා. මන් ඉතින් දන්න සකල මලාවම ඌට කිව්වා. ඌට කියන කෙල්ලගේ නමත් කිව්වා.. ඕක මහ දෙයක් නෙමේනේ....

ඔන්න සතියක් විතර යනකොට වැඩේ පත්තුවෙලා. මාත් එක්ක ගගේ නාන්න යන කොල්ලා එහේ ස්කෝලේ අර මන් කියපු සේරොම ටික කියලා. අරූ කියනවලු ස්කෝලේ යන්න බෑ කියලා.. උන්ගේ ගෙදර එවුන්ටත් කියලා. මාත් එක්ක නාන්න එන කොල්ලලාගේ ගෙදර අපේ ලොකු අම්මා ගිහිල්ලා. උගෙන් නම හැදුවේ කවුද කියලා ඇහෙව්වාම මමය කියලා.... හත්තිලව්වේ මන් නිකන් ඉදලා කාපු කට්ටක්.... බුදු සුවර් ලොකු අම්මා මාව හම්බු වෙන්න එනවා. මතක් වෙනකොටත් ඇග හිරි වැටෙනවා...


ඒත් එහෙම උනේ නෑ මගේ පෙර පිනකටද කොහෙද... සතියකට විතර පස්සේ.. ලොකු තාත්තලහා ලොකු පුතායි අරුයි පාරෙදි හම්බ උනා..
මාත් ඉතින් හිනාවක් දැම්මා. මොනවා කරන්නද නෑදෑ පරපුරනේ..
මගේ පැත්තට හැරුනු ලොකු අයියා... 'සුදූ කුඩේ කෝ.....' මම තුශ්නිම්බූත වෙලා ගියා. මූ මොන කුඩයක් ගෙනද කතා කරන්නේ...

පස්සේ තමයි මට මීටර් උනේ... මුගේ කපුකම කලේ මන්  කියලා මුන් දෙන්නා හිතාගෙන ඉදලා තියෙන්නේ... පස්සේ මුන් දෙන්නාගේ මිත්යා මතේ දුරු කරලා අපේ ස්කෝලේ සෙට්  ඉතාම සෙනෙහසින් පාවලා දුන්නා...

ප.ලි.
මට වෙච්චි ඇත්තම කතාවක් නම ඉතරක් වෙනස් කලා.......



ජයාරූපය ගත්තේ අන්තර්ජාලයෙන්..
දෙවනි කොටස මෙතනින් බලන්න

Wednesday, February 10, 2016

ඔබ මට ඇණයක් උනිද??????.

ඔබ මා දෙස හොරහින් බලා...
මගෙ සිතේ ඔබ ගෙන අදහසක් ඇති කලා...
නමුත් ඔබ දෙස කෙලින් බලා..
පවසන්ට බැහැ මට ආදරෙයි කියා..

හැමදාමත් මං ඔබේ කියා හීන දැක්කා...
සිතුනෙවත් නෑ ඔබ වෙන කෙනෙකුගේ කියා..
මගෙයි වැරද්ද ඔබගේ නොවෙයි...
එදා මං පසුබට නොවුන නම්...

අදත් ඔබ මගේ පෙම්වතියයි ආදරබර..
මං ඔබට හිතකින්වත් වරදක් කලේ නැ...
පලිගන්න දෙයක් අප අතර සිදු වුනිද සොහොයුරිය..
ඔබ මා කවදාකවත් වචනයක් කතා නොකොට...

ඇයි ඔබ මට ඇණයක් වුනේ...හිතට වද දෙන..
මා බසයට නැගුණු  හැම විට...
අසල ගැවසෙන ඕනම කොලුවෙක් එක්ක...
තුරුලට  යන්නේ..මට පෙනෙන්නටද..

නන්නාඳුනන කෙනෙක් දුටු විට....
කතා නොකරන්නේ.... මං
ආඩම්බර කමට නොවෙයි ඔන්න...
ඒ මගේ හැටියක් උරුමයෙන් ආ..

වෙනස් කරගන්න ජන්ම පුරුද්ද..
නොදුන්නද ලොකු උත්සාහයක් නැද්ද..
බැරිඋනා වෙනස් කරගන්න පුරුද්ද..
වැටහිනිද ඔබ හට වැරද්ද....

මේ කෙටියෙන් ලිව්ව...
වැටහිණිද මන්දා ඔබට...
නිදන් කතාවක් ඇති ඔන්න
ලබන පෝට්ටුවෙන් බලමුද ඒක..

ප.ලි

කවියක්ද නිසදසක්ද සිංදුවක්ද කියන එක ඔබේ අතේ... මගේ මුල්ම එක මේක..
ඔන්න මාත් අලුතින් සිංඩියක් පටන් ගත්තා අලුත්ම කිව්වට අලුත්ම නෑ.. ඔබේ අඩවියත් තියනවද බලන්න නැත්නම් කොමෙන්ටුවක් දාන්න..පහළ තියෙනවා ලින්ක් එක.http://karakoppuwa.blogspot.com
සිංඩියේ පින්තූරය