Sunday, February 28, 2016

ගැහැනු අය හැමතිස්සෙම අඩන්නේ... ඇයි???

ඇයි ගැහැනු හැමතිස්සෙම අඬන්නේ ? 



"ඇයි අම්මා අඬන්නේ ?" 
කුඩා දරුවෙක් අම්මාගෙන් ඇහුවා.

"මම ගැහැනියෙක් හන්දා !!!" අම්මා උත්තර දුන්නා.

"මට තේරුනේ නෑ අම්මේ"

"ඔයාට කවදාවත් තේරෙන එකක් නැතිවෙයි පුතේ." අම්මා තම දරුවා තුරුල් කරගෙනම කිව්වා.

"ඇයි තාත්තේ අම්මා හේතුවක් නැතුව හැමතිස්සෙම අඬන්නේ ?" ඒ කුඩා දරුවා තම පියාගෙන් මේ ගැන විමසුවා.

"ඕන ගෑනු කෙනෙක් හේතුවක් නැතුව අඬනවා." එපමණයි පියාට කිව හැක්කේ. ඒ දරුවා කාලයත් එක්ක වැඩෙද්දිත් මේ ප්‍රශ්නය එහෙම්ම ම තිබුනා.

අන්තිමේදි ඔහු මේ ගැන දෙවියන්ගෙන් අහනවා. 

ඒ දුරකතන ඇමතුම මෙසේ ය.....

දරුවා :
"ඇයි දෙයියනේ ගෑනුන්ට ලේසියෙන්ම අඬන්න පුලුවන් ??"

දෙවියෝ :

"මම ගැහැනියව මැවුවේ යම්කිසි විශේෂත්වයක් තියෙන විදිහට"

"මේ ලෝකයේ සියළු බර දරන්න පුලුවන් වෙන විදිහට මම් ඇගේ උරහිස් ශක්තිමත් කලා. එහෙත් ඒ උරහිස්ම සුවපහසුවක් හදන්න පුලුවන් වෙන විදිහට මෘදු කලා"

"දරුවෙක්ගේ උපතක් දරාගන්න පුලුවන් වෙන විදිහටත්, ඒ දරුවා තම මව ප්‍රතික්ෂේප කිරීම් දරා ගැනීමට හැකිවෙන ලෙසත් මම ඈව ශක්තිමත් කලා."

"තමාව අතහැර යන අයගෙන් ඈත් වීමට හැකිවන රළු බවත්, තම පවුලේ අයගේ ලෙඩක් දුකකදී ඔවුන්ව රැකබලා ගැනීමේ හැකියාවත් මම් ඇයට දුනිමි."

" ඕනම බලපෑමක් හමුවේ තම දරුවන්ට ආදරය කිරීමේ හැකි සංවේදි බව මා ඈට ලබා දුනිමි. එපමණක් නොව තම දරුවන් තමාට දරුණු වේදනා ලබා දුන් විටත් ඒ ආදරය එලෙසින්ම කිරීමේ හැකියාවත් මම 
ඇයට ලබා දුනිමි."

"හොද සැමියෙක් කවදාවත් තම බිරිඳව රිදවන්නේ නැතිබව තේරුම් ගැනීමේ බුද්ධියත්, ඕනම පරික්ෂාවක් හමුවේ තම සැමියාව ධෛර්යමත් කිරීමේ හැකියාවත් මම ඇයට ලබා දුනිමි."

" අවසාන වශයෙන් මම් ඇයට අවශ්‍ය වෙලාවක පාවිච්චි කිරීමට කඳුළුත් ලබා දුනිමි !!!!"


ගැහැනියකගේ සුන්දරත්වය තියෙන්නේ ඈ අඳින ඇඳුමේ වත්, ඇගේ ශරීර හැඩයේවත්, ඇය කොණ්ඩේ පීරන විදිහේවත් නොවේ...

ගැහැනියකගේ සුන්දරත්වය ඇත්තේ ඇගේ දෑස් තුලයි. මක්නිසාදයත් ඇස් යනූ හදවතේ දොරටුව වන බැවිනි. තවද හදවත යනු ආදර
ය ලැඟුම්ගෙන ඇති තැන වන නිසාම ය.......


අම්මට කියන්න එපා.............



මේක ඉස්සෙල්ලා ලියපු පෝස්ට් එකේ දෙවනි කොටස බව කරුනාවෙන් සලකන්න.
කියවපු නැති අය ඒ කොටස කියෝලම එන්න එහෙනම්....

ලොකු අම්මාලගේ පුතායි මායි අපේ මල්ලියි දවසක් නාන්න යන්න සෙට් උනා. අපි හැමදාම වගේ ගෙදරින් නෙමේ නාන්නේ... අපේ ගෙවල් කිට්ටුව ගින් ගග තියෙනවා.. ඕකෙන් තමයි නාන්නේ.. ගගේ නානකොට පට්ට සැපක් තියෙන්නේ.. ඒ ගෙන ඉතින් කියන්න ඕන නැහැනේ...

ලොකු තාත්තලගේ ගෙදර ලගම ගග තියෙනවා. එතනින් අපි තුන්දෙනා දවස් ගානක් නෑවා. ලොකු තාත්තගේ පුතාට එතන හොද මටයි මලයටයිනම් එතන මෙලෝ රහකට ඇති තැනක් නෙමේ.. ගල් ගොඩ වතුරත් එච්චර නෑ... ඒත් කමක් නෑ ගගේ උඩ හරිය බිලිගන්න තැන... හප්පේ බයේ බෑ දහතුනක්ද කොහොද මැරිලා තියෙනවා. යට ගිහිල්ලත් වැඩි වෙලාවක් ඉන්නේ නෑ ඉක්මනටම උඩ එනවා. අම්මට සිරි වෙන්නම හොල්මනක් එහෙම ඇවිල්ලා කකුලෙන් එහෙම ඇද්දොත් කම්මුතුයිනේ..


අර යකා පඩත්තලයා වගේ හැමදෙයක්ම අපිට විස්තරාත්මකව පැහැදිලි කරලා දෙනවා. අපි දෙන්නා කට ඇරගෙන බලාගෙන ඉන්නවා හරියට ටී එන් එල් එකේ මැච් එක පෙන්නනවා වගේ.{එක්කෝ සිරසේ ටීවී වන් එකට දියන්කෝ} 

මිනිහාව අමාරුවෙන් කැමති කරගත්තා අපේ තොටුපලේ නාන්න යන්න. හෙට මගේ වාරේ හෙහ්.

ඔන්න ඉලග දවසේ අපි තුන්දෙනා නාන ගියා අපේ තොටුපලට.. මම ගිහිපු ගමන් ගගට පැන්නා. දන්නවනේ කවුරු හරි අපේ පොට් එකට ආපුහම තියෙන සතුට ඒක ඉතින් වචන වලින් කියන්න පුලුවන්යැ. අපේ මලයටත් ඒ වගේ ඌත් වතුරට පැන්නා බල්ටියකුත් ගහලා.......


ඒත් මූ වතුරට බැස්සේ නෑ.... 

මොකෝ බන් උබ නාන්නේ නැද්ද'
'මෙතන ජැඹුරුයිද'
'නෑ බන් එච්චර ජැඹුරක් නෑ.... මොකෝ උබට පීනන්න බැරිද?'
'පිස්සුද බන් කියලා  මූත් වතුරට බැස්සා'

මිනිහා එගොඩ ගොඩට පීනන්න ගත්තා.. කකුල් දෙක විතරයි පේන්නේ.... ඔලුව යට මූ පීනන්නේ මෙහෙමද නැත්නම් ගිලෙනවද?
මල කෙලියයි මගේ ඇගත් ගැහෙනවා. 
මු එක  පාරක් උඩ ඇවිල්ලා යට ගියා. මිනිහාව ගන්න ගිහිල්ලා මාත් ගියොත්... නොගෙනත් බෑ මාත් එක්ක ආපු කෙනානේ...... පැනපු ගමන්  අතින් අල්ලන් ගොඩට ගත්තා. මිනිහට වතුර හොදට පෙවිලා.
උඩට ගත්තා ගමන් මූ කැහැ කැහැ අනේ අපේ අම්මටනම් කියන්න එපා කියලා.. 

මට ඉතින් හිනා යන්න තියෙන හැම තැනකින්ම හිනා.......


ප.ලි.
උඩ කතාව උපටා ගත්තු එකක් බව කරුනාවෙන් සලකන්න......
අරුන්ගේ තොටුපල ලග සිදුවෙච්චි සිදූවීම් ටික මගේ හොල්මන් බ්ලොග් එකෙන් දාන්නම්..
කතාව ලස්සනට ගොතා ගන්න බැරි උනා. 



30 comments:

  1. හා ඔන්න මං අද කලින්ම ආවා. මේ කතාව ලස්සනයි සහෝ . උපුටාගැනීමත් කදිමයි .

    ReplyDelete
    Replies
    1. කලින් ආවට ස්තුතියි මෙතූ..
      අදහස් වලටත් ස්තුතියි මෙතූ..

      Delete
  2. සිංහයා ගොරවන විදිහට මම නම් පට්ට like..අද ගෙරවිල්ලත් පංකාදුයි....සුපිරියට ලියල තියෙනව සිංහ මහත්තයා...

    ReplyDelete
    Replies
    1. බොස් කියන එකක් තමයි ඉතින්. බොහොම ස්තුතියි බොස් හැමදාමත් දිරිමත් කරනවාට..
      මේ අවුරුද්දේ කිව්වා නේද විභාගේ??? ඔය බ්ලොග් කියවිල්ලයි ලිවිල්ලයි පැත්තකට දාලා දැන් පොතක් අතට ගත්තොත් නරකෙයි..

      Delete
  3. හැඬීම වරදක් නොවෙයි.එය හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍යයක්.කාල් මාක්ස් පවා සිය දියණිය මිය ගිය මොහොතේ වැළපුණා.

    ReplyDelete
    Replies
    1. හැබැයි වැසී පුංචිම හේතුවටත් අඩන එක හරි නෑ නේද? මේ ලෝකේ අඩපු නැති කෙනෙක් නැති කෙනෙක් නැති තරම්.. මාත් කොච්චර අඩලා ඇද්ද කියලා මට හිතුනා...

      Delete
  4. අර අඩන කතාවනං ඇත්තම තමයි.....

    ReplyDelete
    Replies
    1. සහතිකයෙන්ම කුරුටු ඒ කතාවනම් ඇත්ත..

      Delete
  5. Replies
    1. බොහොම ස්තුතියි වසන්තයට පෙර...

      Delete
  6. සාමාන්‍යෙයන් සිරුරකට දරා ගැත හැකි වේදනාව 45del පමනයි කියනවා.ඒ වේදනාව මිනිස් සිරුරේ අස්ථි 20 ක් එකවර කැඩෙනකොට දැනෙන වේදනාවට සමාන වෙනවා.මේ සීමාව පැන්න ගමන් සිහිය නැති වෙනවා. ඒත් දරු ප්‍රසූතියකදි මවක් 57del වේදනාවක් දරා ගන්නවා කියලා සොයාගෙන තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම වැදගත් කරුනක් මනෝ.. නිච්චිත අගයන් ටික දැන ගත්තේ අදයි.
      අපේ අම්මලා අපිව මේ ලෝකෙට බිහි කරන්න කොච්චර දුක් වේදනා විදලා තියෙනවද..
      ඔබේ දැනුවත් කිරීමට ස්තුතියි මචන්.

      Delete
  7. ඇඩේනවා ඕයී උපුටා ගැනිම හොදයි කොහෙන්ද ඉතිං උපුටා ගත්තේ (ප්‍රශ්නාර්ථයක්)

    අරුගේ අම්මා උබේ බ්ලොග කියවන්නෙ එහෙම නෑනේ බැරිවෙලාවත් මේක දැක්කොත් ආයේ නාලාත් ඉවරයි (තිතක්)

    ReplyDelete
    Replies
    1. පරණ බ්ලොග් එකක තිබුනේ කවුරුත් කියවලා තිබුනේ නෑ හිතට ටිකක් ඇල්ලුවා හින්දා දැම්මා... සොරි හොදේ උපුටා ගත්තු තැන දාන්න බැරි වෙලා.

      උන්ගේ අම්මා මෙව්වා කියන එකක් නෑ... අපිත් එක්ක දැන් නම් පොඩි හේතුවක් නිසා තරහයි.

      මොකෝ සහෝ උබ බ්ලොග් එක ලියන එක ඇතෑරියද???

      Delete
  8. කඳුළු කතාව වෙනනන පොස්ට් එකක්න් විදිහට ඔයාගේ අදහසුත් එක්ක දැම්ම නම් හොඳයි කියලා හිතුනා..

    :O තව පොඩ්ඩෙන් අරයව ගිලෙනවා නේද ...
    ඉතුරු කතා ටිකක් ලියන්නකෝ..

    ReplyDelete
    Replies
    1. මටත් දැන් හිතෙනවා එහෙම කලානම් හොදයි කියලා. මට අදහස් හොයා ගන්න එක තමයි ලොකුම ගැටලුව

      ඔව්නේ තම පොඩ්ඩෙන් ඉවරයි.
      ඔතෙන්ට සම්බන්ධ ඉතුර ටික කැරකෝපෙන් ලගදිම දානවා.
      http://karakoppuwa.blogspot.com

      Delete
  9. අරු ගිලුනනම් මල කෙලියයි

    ReplyDelete
    Replies
    1. වූ ගිලුනනම් අද මමයි මලයයි හිරේ... ඒ තරම් උන්ගේ අම්මා වසයි මෙන්ඩෝ....

      Delete
  10. නියමයි සහෝ වෙනස් විදිහකට කදුලු ගැන කියවීමක්...දිගටම ලියමු......ජය..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්. ඔය හිටියා වගේ දිගටම බ්ලොග් එක කරගෙන යන්න ජය වේවා!

      Delete
  11. අදනෙ සිංහගෙ බ්ලොග් එක දැක්කෙ... ඔන්න ලිස්ට් එකට ඇඩ් කරගත්ත

    ReplyDelete
    Replies
    1. මං අදමයි අන්ධකාර තාරකාව දැක්කෙ...

      Delete
    2. අ.තා.
      සාදරයෙන් පිලිගන්නවා සිංහ අඩවියට.
      ස්තුතියි ඇඩ් කරගත්තාට..

      Delete
    3. ඩ්‍රැකී...
      අද හරි දැක්කනේ.. ඒ ඇති. හැක්.
      හැමදාම බලන්න ඇහැකි ඒ පැත්තේ ගියානම්

      Delete
  12. මචං බ්ලොග් එක හැදුව..... හරි නේද????

    ReplyDelete
    Replies
    1. ම්හ් දැන් ඉස්සෙල්ලට වැඩිය ගොඩක් හොදයි බන් දිගටම ලියමු ජය වේවා!

      Delete
  13. උඹ ගැහැණිය ගැන කියලතියන දේ සම්පූර්ණ ඇත්ත.ඒ ගෞරවය හැමදාම ඇයට ලැබෙන්නම ඕනේ.ඒත් ඔය කඳුල කියන එක තියනවා නේද මචෝ....මහම මහ එපාම කරපු දෙයක්.විශේෂයෙන්ම ගැහැණු ඇස්වල කඳුළු.ඒවා ඉස්සරහ පිරිමි අසරණවෙන හැටි බලන්න කුජීතයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒකනම් සහතික ඇත්ත ඒත් මමනම් කදුලු බලන්න ආසයි
      හැක්.
      ස්තුතියි කටුසු අදහසට.

      Delete
  14. කෝ බං උඹ.....හොයාගන්න කිසිම විදිහක් නෑනේ....

    ReplyDelete
  15. කදුළු වලට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියනවා.

    ReplyDelete

ඔබට හිතෙන දේ අවංකව කුරුටු ගාල යන්න. මගේ කිසි අමනාපයක් නෑ... ඕනෑම කෙනෙකුට අදහස් දැක්විය හැකි අතර කිසිදු අදහසක් මකා දමන්නේ නැත, (අදහස් දැක්වීමට ඔබට අයිතියක් ඇත)